ඉරිදා, අගෝ. 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරක්
    කියවීමට මිනිත්තු 1 යි
    T20 තරගයක වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයා බවට කමිල් මිෂාර පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්
    කියවීමට මිනිත්තු 1 යි
    තරගය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 25, 2024
Sri Lanka football
බෙදාගන්න

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ කාම්බෝජය සමග පැවති දෙවැනි තරගය දඬුවම් පහර මගින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

අදියර දෙකක් යටතේ පැවති මෙහි පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. තරගය දෙපිලටම තීරණාත්මක වුණේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙහි ජයග්‍රහණය අනිවාර්ය වීම හේතුවෙන්.

කාම්බෝජයේ දී පැවති අද තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තා. තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වාර්තා කළා.

එම ගෝලය ලබා ගත්තේ ඔලිවර් කෙලාට් විසින්. ඒ අනුව තරඟයේ පළමු අර්ධය අවසන් වුනේ ගෝල එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගනිමින්.

අනතුරුව කාම්බෝජය තම පළමු ගෝලය ලබා ගත්තේ තරඟයේ 51 වැනි මිනිත්තුවේදී. තරඟයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල එක බැගින් වාර්තා කර සම තත්ත්වයේ පසුවුණා.

ඒ අනුව ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නා. එහිදී 99 වැනි මිනිත්තුවේදී කාම්බෝජයේ ගෝලයක් වාර්තා කළේ ජයග්‍රහණය පිළිබඳ වැඩි බලාපොරොත්තු තම කණ්ඩායම වෙතට යොමු කර ගනිමින්.

නමුත් තරගයේ අවසන් මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ලව්ඩියා මැට්තිහස් ගෝලයක් වර්තා කිරීමත් සමඟ යළිත් ගෝල තත්ත්වය සම වුණා.

ඒ අනුව ජය පරාජය තීරණය කිරීමට දඬුවම් පහර ලබාදුන්නා. කාම්බෝජයේ එල්ල කළ පළමු දඬුවම් පහර දෙක අසාර්ථක වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරාගේ සුපිරි ගෝල රැකීමත් සමග.

අනතුරුව ඔවුන් දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගත්තා. අනතුරුව ශ්‍රී ලංකාව දඬුවම් පහර හතරක් සාර්ථක කර ගැනීමත් සමඟ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තුන්වෙනි වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි හිමි වුණා.

මේ අතර මෙම ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 201 හෝ 200 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ අවස්ථාවද හිමිවනවා.

පෙර ලිපිය Sri Lanka vs New Zealand ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු 20/20 ක්‍රිකට් තරගය අද (09)
Next Article Sri Lanka Football ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දෙවැනි තරගය අද (10)
Sponsored

You Might Also Like

පාපන්දු

වසර 36කට පසු ස්කොට්ලන්තයට පාපන්දු ලෝක කුසලාන ජයක්

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

කටාර් රාජ්‍යයට එරෙහිව කැන්ඩාව ගෝල 6ක් වාර්තා කරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

නෝර්වේ කණ්ඩායමට එරෙහිව ප්‍රංශයට ගෝල 4-1ක ජයක්

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?