ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමට අප්‍රිකානු මහද්වීපයේ කේප් වර්ඩි දූපත් කණ්ඩායම සමත්වුණා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ දෙවැනි කුඩාම රාජ්‍යයය වන්නේද කේප් වර්ඩි දූපත් සමූහයයි.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය, අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.
ඊට සුදුසුකම් ලැබීමේ අප්‍රිකානු තරගාවලිය යටතේ කේප් වර්ඩි කණ්‍ඩායම D කාණ්ඩයෙන් තරග වැදුණා.
එහිදී , ඊයේ එස්වාටිනි කණ්ඩායම සමග පැවති තරගය, ගෝල 3 ට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුවයි, කේප් වර්ඩි කණ්ඩායමට ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වුණේ.
දූපත් 10 කින් සමන්විත කේප් වර්ඩි දේශයේ ජීවත් වන සමස්ත ජනගහනය පන් ලක්ෂ 25,000 ක්.