2025 ආසියානු ශූරතා පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.
ඒ, මැලේෂියාව සමග පැවති කොළඹ තුරගතරග පිටියේ අද පැවති තරගයෙන් ජය වාර්තා කරමින්.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ආසියානු රග්බි සංගමයේ සභාපති කයිස් අබ්දුල්ලා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්, ශ්‍රී ලංකාව සහ මැලේෂියාව අතර පැවති තරගය නැරඹීමට තුරගතරග පිටියට පැමිණ සිටියා.
ආරම්භයේ සිටම විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධයේදී ගෝල දිණුම් 4 ක් සහ උත්සහක දිණුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 33 ක් රැස් කළා.
ප්‍රතිවාදී මැලේෂියාව එම අර්ධයේදී රැස් කළේ, ලකුණු 7 ක් පමණයි.
දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිණුම් 3 ක් සහ උත්සහක දිණුමක් සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 26 ක් ලබා ගත්තා.
මැලේෂියාව එම අර්ධයේදී රැස් කළේ, ලකුණු 12 ක් පමණයි.
ඒ අනුව, ශ්‍රී ලංකාව ලකුණු 59 ට 19 ක් ලෙස තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිනාල් ඒකනායක උත්සහක දිණුම් 3 ක් සාර්ථක කරගත් අතර, ජනිදු ඩිල්ෂාන් උත්සහක දිණුම් 2 ක් සාර්ථක කර ගත්තා.
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන රග්බි තරගාවලියේ පළමු තරගයේදී දකුණු කොරියාව සමඟ ලබන ජුනි මස 14 වැනිදා තරග වැදීමට නියමිතයි.