දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කරගනිමින් නේපාල තානාපති තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමති හමුවිය.
ශ්‍රී ලංකාවේ නේපාල තානාපති පූර්ණ බහදූර් නේපාලි මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් ඊයේ (ජුනි 12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුවිය.
කලාපීය සහයෝගීතාවයේ උන්නතිය වෙනුවෙන් දකුණු ආසියානු රටවල් සමඟ ශක්තිමත් බැඳීමක් පවත්වා ගැනීමට වත්මන් රජය වශයෙන් නිරන්තරයෙන් කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.
මේ හමුවේදී දෙරට අතර තරුණයන්ගේ සංස්කෘතික බැඳීම් පුළුල් කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳවත්, කලාපීය ක්‍රීඩා කුසලතාවයන් වර්ධනයට ගත හැකි පියවරයන් පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.