ලොව පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය (‘Women’s T20 world Cup – Cricket for the Blind 2025) පිළිබඳ දැනුවත් කිරීම සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නිල වෙබ් පිටුව දියත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්තොම්බර් 01 ) කොළඹ ටාජ් සමුද්‍රා (Taj Samudra) හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා, ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ ප්‍රධානී ආචාර්ය ජී. කිවදාසන්නවර් (Dr.G. Kivadasannavar), ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති එම්. ආර් සුදේශ් තරංග, ඉන්දියාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති බූසේ ගවුදා (Mr. Buse Gawda), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් සහභාගී විය.
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශාරීරික දුර්වලතාවයන් මත පුද්ගලයන් හඳුනා ගැනීම ඔවුන්ට කරන අසාධාරණයක් ලෙස තමන් දකින බවයි. එම නම වෙනුවට වෙනත් නාමයක් යොදා ගැනීමට කාරුණික වන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.