සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 13, 2025
©AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක් දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙන බව පාකිස්සාන ක්‍රිකට් ආයතනයේ සභාපති මෝෂින් නක් වී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර තුන්වැනි එක් දින තරගය ලබන දහසය වන දා පැවැත්වීමට නියමිතයි.

මීට පෙර දෙවැනි සහ තුන්වැනි තරග දෙක පැවැත්වීමට නියමිතව තිබුණේ අද දිනයේ සහ පහළොස්වැනිදායි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමට විනාඩි කිහිපයකට පෙර ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සිදුවීම නිසා ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව යම් අර්බුදකාරී තත්ත්වයක් මතු වූඅතර
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ආරක්ෂක ගැටලු මත යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කළ බව කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් ඊයේ උදෑසන ක්‍රිකට් ආයතනය වෙත දැන්වූ බවයි.

මෙම තත්ත්වයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම සෑම අයෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තමන්ට සහතික වූ බව ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් එරට ආරක්ෂාක අංශ සමඟද සාකච්ඡා කර තිබෙනවා.

පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද වන ක්‍රිකට් ආයතන සභාපති මෝශින් නක්වි, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික කිරීම සහ සංචාරය දිගටම කරගෙන යාමට ක්‍රීඩකයින් දිරිමත් කිරීම සඳහා කණ්ඩායම හමුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහු ඊයේ උදෑසන පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෆ්‍රෙඩ් සිරිවීර මහතා හමු වූ අතර. ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබා දී ඇති බවත්, සිරිවීර මහතා එම විධිවිධාන පිළිබඳව සිය සතුට පළ කළ බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මෙම තත්ත්වය තුළ තරගාවලිය සැලසුම්කළ පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සියලුම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු ඒමට තීරණය කළහොත්, තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ඊට ආදේශක ක්‍රීඩකයන් යොමුකරන බවද ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා .

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආපසු පැමිණියහොත්, ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

පෙර ලිපිය ගාමිනි සුගතදාස නිව්යෝර්ක් මැරතන් තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී
Next Article පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාව පරදා නවසීලන්තය ලකුණු 50ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
Dasun Shanaka
ක්‍රිකට්

දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka in Asia cup
ක්‍රිකට්

ආසියානු කුසලානයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව යළි දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
Shubhman Gill
ක්‍රිකට්

ෂුබ්මාන් ගිල්ගේ නායකත්වයේ ඉනිම ගුජරාටයට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?