ආබාධයකට ලක් වූ ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
ඔහුව ඉදිරියේදී ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
කෙසේ නමුත්, ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු තවම නම් කර නැහැ.
නවීන් උල් හක් අවසන් වරට පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයකට සහභාගී වූයේ 2024 වසරේදීයි.