සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස අළු බඳුනේ පෙරමුණ ගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස අළු බඳුනේ පෙරමුණ ගනී

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 7, 2025
©Getty Images
බෙදාගන්න

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික අළු බඳුන තරගාවලියේ දෙවන තරගය කඩුලු 8කින් ජයගැනීමට අද ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අනුව මෙම තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

බ්‍රිස්බේන් හී ගැබා ක්‍රීඩාංගනයේ පැවති මෙම දෙවන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ එංගලන්ත කණ්ඩායමයි.

සිය පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 334ක් ලබාගත්තා. එහිදී ජෝ රූට් සිය 40වන ටෙස්ට් ශතකය හා ඕස්ට්‍රේලියාවේදී ලබාගත් පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 138ක් ලබාගත්තා. ආරම්භක පිතිකරු සැක් ක්‍රොව්ලි ලකුණු 76ක් හා අවසන් පිතිකරු වන ජොෆ්‍රා ආචර් වේගවත් ලකුණු 38ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් කඩුලු 6ක් හා මයිකල් නෙසර්, ස්කොට් බොලන්ඩ් හා බ්‍රෙන්ඩන් ඩගට් 1 කඩුල්ල බැගින් දවාගත්තා.

ඊට පිලිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 511ක් රැස්කළා. ජේක් වෙදරල්ඩ් ලකුණු 72ක්, මානස් ලබුෂේන් ලකුණු 65ක්, ස්ටීවන් ස්මිත් ලකුණු 61ක්, ඇලෙක්ස් කැරී ලකුණු 63ක් හා මිචෙල් ස්ටාර්ක් ලකුණු 77ක් ලබාගත්තා.

පන්දු යැවිමේදී එංගලන්තය වෙනුවෙන් බ්‍රයිඩන් කාස් කඩුලු 4ක් හා බෙන් ස්ටෝක් කඩුලු 3ක් ලබාගත් අතර ජොෆ්‍රා ආචර්, ගස් ඇට්කින්සන් හා විල් ජැක්ස් 1 කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව එංගලන්තය සිය දෙවනි ඉනිම ආරම්භ කරනු ලැබුවේ ලකුණු 177ක් පසුපසින් සිටිමිනුයි. එංගලන්ත දෙවනි ඉනිම ලකුණු 241ට සීමාකිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්වුණා. එංගලන්ත දෙවනි ඉනිමේ පළමු කඩුලු 6ම තුන්වන් දිනයේ අවසන් සැසියේදී දවාගැනීමට් ඕස්ට්‍රේලියාව සමත් වුණා.

එංගලන්ත දෙවනි ඉනිමේ හත්වන කඩුල්ල සඳහා බෙන් ස්ටෝක් හා විල් ජැක්ස් පන්දු 221කදී ලකුණු 96ක ඉවසිලිවන්ත සබදතාවයක් ගොඩනැගුවද ඕස්ට්‍රේලියාවට අභියෝගයක් එල්ල කිරීමට එය ප්‍රමාණවත් වූයේ නැත. බෙන් ස්ටෝක් පන්දු 152ට ලකුණු 50ක් හා විල් ජැක්ස් පන්දු 92ට ලකුණු 41ද ලබාගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මයිකල් නෙසර් කඩුලු 5ක් ද, මිචෙල් ස්ටාර්ක් හා ස්කොට් බොලන්ඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.

තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට අවශ්‍යය වූයේ ලකුණු 65ක් පමණයි. පන්දුවාර 10ක් අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 69ක් ලබාගෙන මෙම තරගයද ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. ස්ටීව් ස්මිත් පන්දු 9ට ලකුණු 23යි. ගස් ඇට්කින්සන් කඩුලු 2ක් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග තරග 5කින් සමන්විත අළු බඳුන තරගාවලිය 2-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත්තා. තරගාවලියේ තුන්වන තරගය 17 වනදා ඇඩිලේඩ් හීදී ආරම්භ වීමට නියමිතයි. තරගයේ වීරයා ලෙස නම් වූයේ කඩුලු 8ක් දවාගත් මිචෙල් ස්ටාර්ක්.

පෙර ලිපිය දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ඉන්දීයාව ජය ගනී
Next Article 2025 F1 ශූරතාවය ලැන්ඩෝ නොරිස් දිනාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ගුජරාට් ටයිටන්ස් කඩුලු 3ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Sai Sudarshan
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කන්ඩායමට ලකුණු 58ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මේ වසරේ LPL තරගාවලිය නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?