සෙනසුරාදා, සැප්. 12, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාන්තා ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක්.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක්.

By Pradeep Gurusinghe
Published: ජූනි 13, 2026
©Getty Images
බෙදාගන්න

2026 කාන්තා 20/20 ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ ආරම්භ වුණා. ආරම්භක තරගය පැවැත්වුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි. එම තරගය ලකුණු 87කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වුණා. තරගය පැවැත්වුණේ බර්මිංහැම් හීදි යි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දු යැවීමට තීරණය කළා. එංගලන්තය සිය ඉනිමට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් ලබාගැනීමට සමත් වුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ආරම්භක පිතිකරු ඩැනී වයට් හොජ් පන්දු 62ට නොදැවී ලකුණු 105ක් ලබාගත්තා. ඊට අමතරව ඇමී ජෝන්ස් ලකුණු 53ක් ලබාගත්තා. එංගලන්ත ආරම්භක කඩුල්ලෙ සබදතාවය ලකුණු 135ක්.

එංගලන්ත කණ්ඩායමේ දැවී ගිය එකම කඩුල්ල ලබාගැනීමට සමත් වුණේ මල්කි මධාරා විසිනුයි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාගැනීමට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 132ක් පමණයි. ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ නිලක්ෂිකා සිල්වා යි. ඇය ලබාගත්තේ ලකුණු 39ක් පමණයි. ඇයට අමතරව හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක් ලබාගත්තා.

එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ෆ්‍රෙයා කෙම්ප් ලකුණු 22ට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා. ඊට අමතරව සොෆී එකල්ස්ටන් හා චාලි ඩීන් කඩුලු 2 බැගින් දවාගත් අතර ලෝරන් බෙල් හා ලින්සේ ස්මිත් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව 2026 ලෝක කුසලානයේ ආරම්භක තරගය ලකුණු ලකුණු 87කින් ජයගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

අද දින තරග 2ක් පැවැත්වෙන අතර පළමු තරගය ඕස්ට්‍රේලියා හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතරයි. දෙවන තරගය නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතරයි.

පෙර ලිපිය FIFA පළමු තරගයේ ජය සත්කාරක මෙක්සිකෝවට
Next Article ලෝක කුසලානය ආරම්භ කළ කැනඩාව ජය පරාජයෙන් තොරව තරගය නිම කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
Lasith Malinga appointed – Consultant Fast Bowling Coach
ක්‍රිකට්

ශ්‍රී ලංකා වේගපන්දු උපදේශක හා පුහුණුකාරීත්වයට ලසිත් මාලිංග

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?