නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවයට අනුරූපිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් හීදී පැවැත්වෙනවා. තරගයේ දෙවන දිනය නිමාවෙද්දී නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්.
කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධානා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 231ක් ලබාගත්තා.
නවසීලන්තය වෙනුවෙන් කේන් විලයම්සන් ලකුණු 52ක් හා මයිකල් බ්‍රෙස්වෙල් ලකුණු 47ක් ලබාගත්තා. පන්දු යැවීමේදී කෙමාර් රෝච්, ජේඩ්න් සීල්ස්, ඔජයි ෂීල්ඩ්ස් හා ජස්ටින් ග්‍රීව්ස් කඩුලු 2 බැගින් දවාගත්තා,
කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 167ට සීමා වුණා. ටැගනරීන් චන්ද්‍රපෝල් ලකුණු 52ක් හා ෂේ හෝප් ලකුනු 56ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ජේකබ් ඩෆී ලකුණු 34ට කඩුලු 5ක් හා මැට් හෙන්රි කඩුලු 3ක් දවාගත්තා.
ලකුණු 64ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවෙද්දී කිසිවෙකු නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.
පන්දුවට පහරදෙමින් සිටින ටොම් ලේතම් ලකුණු 14ක් හා ඩෙවෝන් කෝන්වෙ ලකුණු 15ක් ලබාසිටිනවා.