බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 23, 2026
බෙදාගන්න

කොල්කටා නයිට් රයි­ඩර්ස් පිල ඉන්දීය රුපි­යල් කෝටි 18කට (ශ්‍රී ලංකා රු. කෝටි 62) මිලදී ගත් වේග පන්දු යවන මතීෂ පති­ර­ණට හා ඉන්දීය රුපි­යල් කෝටි 2කට (ශ්‍රී ලංකා රු. කෝටි 7) ලක්නව් සුපර් ජයන්ට්ස් පිල මිලදී ගත් වනිඳු හස­රං­ගට තවත් සති­ය­කින් ආරම්භ වන අයි­යි­පී­එල් තර­ගා­ව­ලි­යට සහ­භාගි වීම උදෙසා විරෝ­ධතා නොමැති සහ­තික නිකුත් නොකි­රී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තීර­ණය කොට ඇත.

ආබාධ තත්ත්ව­යක් හේතු­වෙන් විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යෙන් ඉව­තට ගිය වනිඳු හස­රං­ගට හා මතීෂ පති­ර­ණට අම­ත­රව වේග පන්දු යවන එෂාන් මාලිං­ගට ද අයි­පී­එල් තර­ගා­ව­ලි­යට සහ­භාගි වීම සඳහා අව­ස­රය හිමිව නැත.

මේ ක්‍රීඩ­ක­යන් ඔවුන්ගේ අනි­වාර්ය කායික යෝග්‍යතා පරී­ක්ෂණ සාර්ථ­කව නිම කිරී­මට අපො­හො­සත් වීම හේතු­වෙන් මේ තීර­ණය ගෙන ඇත.

නුවන් තුෂා­රගේ සහ­භා­ගි­ත්වය ඔහුගේ පරී­ක්ෂණ ප්‍රති­ඵල මත තීර­ණය වන අතර, වනිඳු හස­රංග, එෂාන් මාලිංග සහ මතීෂ පති­රණ යන ක්‍රීඩ­ක­යන් ඉදි­රි­යේදී යෝග්‍යතා පරී­ක්ෂ­ණ­යට මුහු­ණ­දිය යුතු වේ.

ලබන 28 වැනිදා ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය පැවැ­ත්වෙන අතර, දුෂ්මන්ත චමීර, පැතුම් නිශ්ශංක සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩ­ක­යන් අනි­වාර්ය කායික යෝග්‍යතා පරී­ක්ෂණ සාර්ථ­කව නිම කිරීම හේතු­වෙන් විරෝ­ධතා නොමැති සහ­තික නිකුත් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් කට­යුතු කළේය.

ඒ අනුව වේග පන්දු යවන චමීර සහ ආර­ම්භක පිති­කරු නිශ්ශංක දිල්ලි කැපි­ටල්ස් සමඟ එක්වී­මට නිය­මිත අතර, තුන් ඉරි­යව් ක්‍රීඩක මෙන්ඩිස් සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් වෙනු­වෙන් ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය මඟින් නිකුත් කරන ලද නිල නිවේ­ද­න­ය­කට අනුව, ක්‍රීඩ­ක­යන් තිදෙ­න­කුට පම­ණක් ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලි­යට සහ­භාගී වීම උදෙසා අව­ස­රය හිමිව ඇත.

නව ක්‍රිකට් තේරීම් කමි­ටුව, ක්‍රීඩා අමා­ත්‍යාං­ශය සමඟ එක්ව, ක්‍රීඩ­ක­යන්ගේ යෝග්‍යතා ඉහළ නැංවීමේ වැඩ­මු­ළු­වක් පව­ත්වා‍ගෙන යන අතර, එම­ඟින් ක්‍රීඩ­ක­යන්ගේ ශක්තිය, වේගය සහ විඳ­දරා ගැනීම වැඩි­දි­යුණු කිරීමේ යෝග්‍යතා අභ්‍යාස ක්‍රියා­ත්මක වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සමඟ ගිවි­සු­ම්ගත සියලු ක්‍රීඩ­ක­යන් මේ විශේ­ෂිත ශාරී­රික පුහුණු වැඩ­ස­ට­හ­නට සහ­භාගි විය යුතුව ඇත.

පෙර ලිපිය රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
Next Article PSL තරගාවලියෙන් ඉවත් වූ දසුන් ශානක IPL තරගාවලියට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 100ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කමිඳු හා ජනිත්ගේ සබඳතාවයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?