අඟහරුවාදා, ඔක්. 27, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 27, 2026
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව, පකිස්තානය සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ, පාකිස්තානය සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමින්. තරගාවලියේ අවසන් තරගය ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතයි.

තරගය පැවැත්වුණේ, පාකිස්තාන‍යේ ලාහෝර් හිදි. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ ෆකර් සමාන් සහ මාස් සදාකට්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 11 ක් වනවිට ෆකර් සමාන් ලකුණු 5 කට දැවී ගියා. මාස් සදාකට් ලකුණු 8 ක් ලබාගත් අතර, සාද් බයිග් ලකුණු 5 යි.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් ලකුණු 29 ක් රැස්කළා. හසන් නවාස් ලකුණු 17 යි. පකිස්තානය පන්දුවාර 25 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 110 ක්. පන්දුයැවීමේදි ඩිල්ෂාන් මධුශංක ලකුණු 34 කට කඩුලු 5 ක් බිඳහෙලුවා. ඔහු තම එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කළ‍ හොඳම පන්දු යැවීම මෙයයි. පිළිතුරු ලෙස ලකුණු 110ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, කමිඳු මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු.

ආරම්භ කඩුල්ලේ සබඳතාව ලකුණු 50ක් වන විට අවිෂ්ක ලකුණු 16කට දැවී ගියා. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 8යි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය පහසුවෙන් ජයගත්තේ, පන්දුවාර 18යි පන්දුවකදී කඩුලු 02ක් දැවී ලකුණු 114ක් රැස් කරමින්. තම එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි අර්ධ ශතකය වාර්තා කළ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 62ක් ලබාගත්තා. පවන් රත්නායක නොදැවී ලකුණු 23යි.

TAGGED:ODISri Lanka vs Pakistan
පෙර ලිපිය FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ වසර 12ට පසු සිය රටේදී ටෙස්ට් ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි දෙවන 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Ishan Kishan
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් දැවැන්ත ප්‍රහාරයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?