18වන අයි පී එල් තරගාවලිය අද ආරම්භ වුණා. පළමු තරගය තරග වැදුණේ කල්කටා නයිට් රයිඩර්ස් හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරයි.
කාසියේ වාසිය දිනා රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පලමු ඉනිමට නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 174ක් රැස් කළා.
නායක අජින්කයා රහානේ ලකුණු 56ක් හා සුනිල් නරායන් ලකුණු 44ක් රැස් කළා. පන්දු යැවීමේදී, කෘනාල් පාන්ඩියා කඩුලු 3ක් හා ජොෂ් හේසල්වූඩ් කඩුලු 2ක් ලබාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම 17වන පන්දුවාරයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 177ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සුපිරි පිතිකරු විරාත් කෝලි නොදැවී ලකුණු 59ක් ලබාගත් අතර, ෆිල් සෝල්ට් ලකුණු 56ක් ලබාගත්තා.
මීළඟ තරගය චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම හා මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම අතර චෙන්නයි හී දී පැවැත්වීමට නියමිතයි.