බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 12, 2025
Sri Lanka wins
©Getty Images
බෙදාගන්න

ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගය අද දිවා තරගයක් ලෙස පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු පහ ලකුණු 55 ක් තුළ දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ 6 වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 67 ක්. දුනිත් වෙල්ලාලගේ 6 වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 30 ක් ලබා සිටියදී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8 ක්, ලකුණු 135 ක් තුළ දැවී ගියා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක, අද වාර්තා කළේ තම එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි ශතකයයි. ඔහුට අනගි සහයක් ලබා දීමට වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග සමත් වුණා. චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමේ 9 වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 127 ක් ලබා සිටියිදී.

චරිත්ගේ ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 214 ක්.

පන්දු යැවීමේ දී ෂෝන් ඇබට් කඩුලු 3 ක් බිඳහෙලුවා. ස්පෙන්සර් ජොන්සන්, ඒරල් හාඩි සහ නේතන් ඇලිස් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 215 ක ඉලක්කයක් සමග ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ මැතිව් ෂෝර්ට් සහ ජේක් ෆ්‍රේසර්. ඔවුන් දෙදෙනාම ලකුණු 7 ක් ඇතුළත දවා ගැනීමට, අසිත ප්‍රනාන්දු සමත් වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා ඉනිමේ මුල් කඩුලු හතර ලකුණු 31 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට පිටිය තුළ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදීම විශේෂත්වයක්.

ඒ අනුව ඕස්ට්‍රෙලියාව පන්දු වාර 33 යි, පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 165 ක් ලබාගත්තා. වැඩිම ලකුණු ලාභියා වූ ඇලෙක්ස් කේරි ලකුණු 41 යි.

පන්දු යැවීමේදී මහීෂ් තීක්‍ෂණ ලකුණු 40 කට කඩුලු 4 ක් බිඳහෙලුවා. අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේඅතර කඩුලු දෙක බැගින් බෙදී ගියා. තරගයේ වීරයා චරිත් අසලංක.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි එක්දින තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

TAGGED:Sri Lanka vs Australia
පෙර ලිපිය charith asalanka චරිත් අසලංකගේ විශිෂ්ට ශතකය බිඳවැටුණු ඉනිම ගොඩනගයි
Next Article Mohomad Rizwan පකිස්තානයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත හඹායෑමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

පළමු වතාවට 20/20 ලෝක කුසලානයකදී දකුණු අප්‍රිකාව පැරදූ නවසීලන්තය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?