බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී

By Pradeep Gurusinghe
Published: මැයි 20, 2026
©AFP/Getty Images
බෙදාගන්න

සංචාරක පාකිස්තාන් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ලකුණු 78කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ සිලට් හීදී යි.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 278ක් රැස් කළ අතර තරගයේ පළමු දිනයේදීම ලිටන් දාස් ලකුණු 126ක් ලබාගෙන සිය 6 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත් වුණා. පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී කුරාම් ශෙෂාඩ් කඩුලු 4ක් හා මොහොමඩ් අබ්බාස් කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

පාකිස්තාන් කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස්කිරීමට හැකි වුණේ ලකුණු 232ක් පමණයි. පාකිස්තාන් පළමු ඉනිමේ එකම අර්ධ ශතකය රැස් කළ බාබර් අසාම් ලකුණු 68ක් ලබාගත්තා. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ නහීඩ් රානා හා ටයිජුල් ඉස්ලාම් කඩුලු 3 බැගින් දවාගත් අතර මෙහෙදි හසන් මිරාස් හා ටස්කින් අහ්මඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඒ අනුව බංග්ලාදේශය සිය දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 46ක් ඉදිරියෙන් සිටිමිනුයි. බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවනි ඉනිමට ලකුණු 390ක් ලබාගෙන පාකිස්තාන කණ්ඩායමට ලකුණු 436ක අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14වන ශතකය ලබාගත් මුෂ්ෆිකර් රහීම් ලකුණු 137ක් ලබාගත් අතර ලිටන් දාස් ලකුණු 69ක් හා මහමුදුල් හසන් ජෝයි ලකුණු 52ක් ලබාගත්තා. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් කුරාම් ශේෂාඩ් කඩුලු 4ක් සජීද් කාන් කඩුලු 3ක් හා හසන් අලී කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 437ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පාකිස්තාන් කණ්ඩායමට සිය දෙවන ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකිවුණේ ලකුණු 358ක් පමණයි. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 94ක් හා ශාන් මසූඩ් ලකුණු 71ක් හා සල්මන් අලී අගා ලකුණු 71ක් ලබාගත්තද ජයග්‍රහණය කරා යෑම සඳහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බංග්ලාදේශයේ ටයිජුල් ඉස්ලාම් කඩුලු 6ක් දවාගැනීමට සමත් වුණා. නහීඩ් රානා කඩුලු 2යි.

ඒ අනුව තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මෙන්ම දෙවන ටෙස්ට් තරගය ද ජයගත් බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා. තරගාවලියේ වීරයා මුෂ්ෆිකර් රහීම්.

පෙර ලිපිය රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
Next Article කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බයි ඉන්ඩියන්ස් පරදා කඩුලු 4ක ජයක් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැරී කර්ස්ටන් හට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කාන්තා නැගී එන කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2028 ඔලිම්පික් සඳහා ක්‍රිකට් තරඟ සැලසුම එළිදක්වයි

කියවීමට මිනිත්තු 1 යි
West Indies vs Pakistan
ක්‍රිකට්

පාකිස්තානය සමග දෙවෙනි ටෙස්ට් තරඟය ලකුණු 120 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වෙයි.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?