පකිස්තානය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් අද නම් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින්.
කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමියි. කමිල් මිෂාර, සිනෙත් ජයවර්ධන, ලහිරු උදාර, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, චමිඳු වික්‍රමසිංහ සංචිතයට නම් කළ ක්‍රීඩකයින් වනවා.
දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, එෂාන් මාලිංග කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්. දුෂ්මන්ත චමීර සංචිතයට ඇතුළත් කර ඇත්තේ, ශාරීරික යෝග්‍යතාවට යටත්වයි.
පකිස්තාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, ටෙස්ට් තරග දෙකකට සහ 20 -20 තරගාවලියකට ද එංගලන්තය ද සහභාගි වන එක්දින තුන්කොන් තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායම ලබන 4 වැනිදා පකිස්තානය බලා පිටත්ව යනවා.