අයි එල් ටී 20 ක්‍රිකට් තරගාවලියේ තම තුන්වැනි අර්ධ ශතකයද වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.
ඒ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයේදී.
තරගය ඩුබායි හිදී පැවැත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගල්ෆ් ජෑන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී ලකුණු 179ක් රැස් කලා.
පැතුම් නිස්සංක ලකුණු 56 යි.
පන්දු 29 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 4ක් සහ 6 පහර 4 ක ඇතුලත්.
පිලිතුරු ලෙස ඩෙසට් වයිපර්ස් කණ්ඩායමද පන්දුවාර 20 ඇතුලත කඩුලු 9 ක් දැවි ලකුණු 179 ක් රැස්කළා.
ඩෑන් ලෝරන්ස් ලකුණු 56යි.
දෙපිලේම ලකුණු සම වීම හේතුවෙන් ජය පරාජය තීරණය කෙරුණේ සුපිරි පන්දුවාරයක් මගින්.
එහි මුලින් පන්දුවට පහරදුන් ඩෙසට් වයිපර්ස් කණ්ඩායම ලකුණු 13ක් රැස් කලා.
පිලිතුරු ලෙස ගල්ෆ් ජෑන්ස් කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 9ක් පමණයි.
ඒ අනුව තරගය ජය ගත්තේ ඩෙසට් වයිපර්ස් කණ්ඩායමයි.