බංග්ලාදේශ වයස අවුරුදු 17 පහළ කණ්ඩායම සමග පැවති දෙවැනි එක් දින ක්‍රිකට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමත් වුණා.
තරගාවලිය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 46.5 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 194 ක් රැස්කළා.
ජාරිෆ් සියාම් ලකුණු 52 යි.
පන්දු යැවීමෙදී හිමරු දේශාන් සහ මිනුග නෙත්සර කඩුලු 3 බැගින් දවා ගත්තා.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගය ජයගත්තේ 45.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් රැස් කරමින්.
හිරුණ් මතීශ නොදැවී ලකුණු 80 යි.
අරෝශ සිතුමිණ ලකුණු 50 ක් රැස් කලා.