සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට 2026 ලෝක කුසලානය අහිමි වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට 2026 ලෝක කුසලානය අහිමි වෙයි

By Pradeep Gurusinghe
Published: ජනවාරි 24, 2026
©AP
බෙදාගන්න

2026 ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ඇතුළත් කළ බව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

සති තුනකට ආසන්න කාලයක් බංග්ලාදේශය, තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබුණා. ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ලබන මස 7 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. බංග්ලාදේශය ඇතුළත්ව තිබූ ‘සී’ කාණ්ඩයේ තරග, ඉන්දියාවේ පැවැත්වීමටයි, සැලසුම් කර තිබුණේ.

එහෙත්, ආරක්ෂක හේතූන් මත තරගාවලිය සඳහා ඉන්දියාවට යෑමට නොහැකි බව පවසමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර තිබුණේ, තම රට සහභාගී වන තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසටයි. කෙසේ වුවද ක්‍රීඩකයින්ට, මාධ්‍යවේදීන්ට හෝ බංග්ලාදේශ ප්‍රේක්ෂකයින්ට කිසිදු ආරක්ෂක ගැටලුවක් නොමැති බව තහවුරු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග කාල සටහන වෙනස් නොකරන බවට සඳහන් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයෙකු බංග්ලාදේශය වෙත පිටත්ව ගිය ද ගැටලුව නිරාකරණය වූයේ නැහැ.

අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, බංග්ලාදේශය තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒ වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට ඇතුළත් කළ බවයි. ඒ අනුව, ‘සී’ කාණ්ඩයට ස්කොට්ලන්තය, එංගලන්තය, ඉතාලිය, නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ඇතුළත් වනවා.

පෙර ලිපිය ප්‍රවේගකාරී හඹායෑමකින් පසුව ඉන්දියාව දෙවන විස්සයි විස්ස තරගය ජයගනී
Next Article තරග දෙකක් ඉතිරිව තිබියදී ඉන්දියාව 20-20 තරගාවලිය ජය ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 විස්සයි 20 ලෝක කුසලානයේ තරග කාල සටහන නිල වශයෙන් එළිදකී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

රෝයල්-තෝමස් ක්‍රිකට් ගැටුමේ ජය රාජකීය විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?