ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ගෝල් ගැලන්ට්ස් සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම් අතර තරගය ආරම්භ වන්නේ පස්වරු 3.00ට.
දඹුල්ල සික්සර්ස් සහ කලම්බෝ කැප්ස් කණ්ඩායම් අතර තරගය රාත්‍රි 7.30 ට ආරම්භ වීමට නියමිතයි. තරග පැවැත්වෙන්නේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලදී වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ ගෝල ගැලන්ට්ස් කණ්ඩායමයි.
ඔවුන් තරග 4 ක් ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජයගෙන තිබෙනවා. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ලකුණු 6 ක හිමි කර ගනිමින්.
ප්‍රසාද ලකුණු සටහන අනුව දෙවැනි ස්ථානය කලම්බෝ කැප්ස් කණ්ඩායමට හිමිව ඇති අතර, තුන්වැනි ස්ථානයේ පසුවන්නේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායමයි.