සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසර 12ට පසුව ගාල්ලේ ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වසර 12ට පසුව ගාල්ලේ ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවෙයි

By Pradeep Gurusinghe
Published: ජූනි 21, 2025
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වුණේ වසර 12 කට පසුවයි.

2009 වසරේ සිට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කල ඇනජලෝ මැතිව්ස් සහභාගී වූ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයද මෙයයි.

තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු ඉනිමට බංග්ලාදේශය රැස් කළ ලකුණු 495 ට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 485 ක් රැස් කළා.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට බංග්ලාදේශය දෙවැනි ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් රැස් කර ගෙන සිටියා. නොදැවි පන්දුවට පහර දෙමින් සිටියේ නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ මුශ්‌ෆිකර් රහීම්.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස මුශ්ෆිකර් රහීම් ලකුණු 49 කට දුවද්දී දැවී ගියා. ලීටන් ඩාස් ලකුණු 3 කටත් ජේකර් අලී ලකුණු 2 කටත් දැවී ගියා.

නායක නජ්මුල් හොසේන ෂැන්ටෝ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. ඔහු මෙම තරගයේ ඉනිම ‌දෙකේදීම ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.

බංග්ලාදේශය දෙවැනි ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. නජ්මුල් හොසේන් ෂැන්ටෝ ලකුණු 125 යි.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 296 ක්.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 32 ක් වන විට ලහිරු උදාර ලකුණු 9 කට දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 22 යි. ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් ඉනිම ලකුණු 8 කට සීමා වුණා. දිනේෂ් චන්දිමාල් ලකුණු 6 යි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු 4 දැවී ගියේ ලකුණු 48 කට. අද තරගය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 72 ක් ලබා සිටියා.

පෙර ලිපිය නෙත්මි අහිංසාට ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක්
Next Article ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම 2025 රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ “D”කාණ්ඩයේ අර්ධ අවසන් වටය‍‍ට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඇෆ්ගනිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අපරාජිතව මීලඟ වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේදී පාකිස්තානය පරදා බංග්ලාදේශය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගාවලිය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?