බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමග පැවැති දෙවැනි තුන්දින ක්‍රිකට් තරගය කඩුලු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම සමත් වුණා.
තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 122 ක් රැස් කළා.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 335 යි.
රෙහාන් පීරිස් ලකුණු 182 ක් රැස් කළා.
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු 278 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගය ජය ගත්තේ කඩුල්ලක් දැවී ලකුණු 68 ක් රැස් කරමින්.