වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නේපාලය සමග පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, ඩුබායි හිදී.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම පන්දුවාර 28 යි පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 82 ක් රැස් කළා. සිබ්බ්‍රීන් ශ්‍රේෂ්තා ලකුණු 18 යි.
පන්දු යැවීමේදී සෙත්මික සෙනෙවිරත්න ලකුණු 25කට කඩුලු 5 ක් බිඳ හෙලුවා.
පසුව, පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 14 යි පන්දු 5 කදී ලකුණු 84 ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තා.
දිමන්ත මහවිතාන නොදැවී ලකුණු 39 ක් සහ කවිජ ගමගේ නොදැවී ලකුණු 24 ක් රැස් කළා.
තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට සහභාගී වන්නේ, ඇෆ්ගනිස්තානය සමග තරගයකටයි. එය ලබන සඳුදා පැවැත්වෙනවා.