එළැඹෙන ආසියානු කුසලානය 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන පකිස්තාන සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සල්මන් අලි ආගාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17ක් එම සංචිතයට අයත්.
පාකිස්තාන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙපළ වන බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් මෙවර ආසියානු කුසලානයෙන් ඉවත්කර තිබෙනවා.
ආසියානු කුසලානයට නම්කළ පාකිස්තාන සංචිතය
සල්මන් ආගා (නායක), අබ්රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, හාරිස් රවුෆ්, හසන් අලි, හසන් නවාස්, හුසේන් තලාත්, කුෂ්දිල් ෂා, මොහොමඩ් හාරිස් (කඩුලු රකින්නා), මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම්, සහිබ්සාදා ෆර්හාන්, සයිම් අයුබ්, සල්මන් මිර්සා, ෂහීන් ෂා අෆ්රිඩි, සුෆියාන් මොකිම්
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සැප්තැම්බර් 9 වැනිදා ආරම්භවනවා.