සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව දැමූ පැමිණිල්ල ඉවත්කරගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පුවත්

නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව දැමූ පැමිණිල්ල ඉවත්කරගනී

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 23, 2026
©Getty Images
බෙදාගන්න

2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අද කොළඹ දිසා අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ජී.ජී. අරූල්ප්‍රගාසම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට සිය සේවා දායකයාට සහභාගි වීමට අවශ්‍ය කරන විරෝධතාවක් නොමැති බව දැක්වෙන සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම නඩුව පැවරීමට සිදුවූ බව සඳහන් කළා.

එහෙත් අයි.පී.එල් ක්‍රිකට් තරඟාවලියේ තරග කිහිපයක් දැනටමත් අවසන් වී ඇති නිසා මෙම පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන යාම නිශ්ඵල ක්‍රියාවක් බැවින් මෙම පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට සිය සේවා දායකයා අදහස් කරන බව කී නීතිඥවරයා ඊට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී විත්තිකාර ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිලිකරු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් දෙවතාවක් අසමත් වී තිබෙන බව පැවසුවා.

මෙම නඩුකරය ගොනු කිරීමෙන් පසුවද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවති බවත් එම පරීක්ෂණයෙන්ද පැමිලිකරු අසමත් වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වන ක්‍රීඩකයින්ට “විරෝධතාවක් නොමැති බව දැක්වෙන සහතිකය” නිකුත් නොකිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිය යටතේ පැමිණිලිකාර ක්‍රිකට් ක්‍රීඩකයාට අදාළ සහතිකය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර පෙන්වා දුන්නා.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥ අරුල්ප්‍රගාසම් මහතා මහතා කියා සිටියේ 2024 සහ 2025 යන වසර වල පැවති අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට තම සේවා දායකයා සහභාගි වූ බවත් එම අවස්ථාවේදී ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ සහතිකය නිකුත් කිරීමට පියවර ගත් බවත් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් පැමිණිකාර පාර්ශවයේ ඉල්ලීම පරිදි අදාල පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරුවරයා අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කළා.

පෙර ලිපිය හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල චීනයේ සාන්යා හීදී ඇරඹේ
Next Article ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම තායිලන්තයට එරෙහිව ජයලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ලෙස ආසියානු කුසලානය අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහි පළමු 20/20 ජයගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?