බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආජන්ටිනාව, කොලොම්බියාව හා ඊජිප්තුව 16 දෙනාගේ වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

ආජන්ටිනාව, කොලොම්බියාව හා ඊජිප්තුව 16 දෙනාගේ වටයට

By Pradeep Gurusinghe
Published: ජූලි 4, 2026
©FIFA
බෙදාගන්න

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාව, ආජන්ටිනාව සහ කොලොම්බියාව සමත්වුනා. ‍ඔස්ට්‍රේලියාව තරගය ජයගත්තේ ඊජිප්තු කණ්ඩායම පරාජය කරමින්. ඔස්ට්‍රේලියාව සහ ඊජිප්තුව අතර තරගය පැවැත්වුනේ අමෙරිකාවේ ඩලස් හිදී.

පළමු අර්ධයේ 13 වැනි මිනිත්තුවේදී ඊජිප්තුව වෙනුවෙන් එමාම් ඇෂෝර් ගෝලයක් වාර්තා කළා. ඒ අනුව එම අර්ධය අවසන් වුනේ ගෝල 1ට 0 ක් ලෙස ඊජිප්තුව පෙරමුණේ පසුවෙමින්. තරගයේ 55 වැනි මිනිත්තුවේදී ඔස්ට්‍රේලියාවද ගෝලයක් වාර්තා කළා. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුනේ ‍ගෝල 1 ට 1 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවෙමින්. ඒ අනුව ජය පරාජය තීරනය කෙරුණේ දඩුවම් පහර මගින්. එහිදී දඩුවම් 4 ක් සාර්ථක කරගැනීමට ඊජිප්තුව සමත්වූ අතර ඔස්ට්‍රේලියාව සාර්ථක කරගත්තේ දඩුවම් පහර 2 ක් පමණයි. තරගය ජයගත් ඊජිප්තුව අවසන් 16 වටයට ‍පිවිසියා.

ආජන්ටිනාව සහ කේප්වර්ඩි කණ්ඩායම් අතර තරගය අමෙරිකාවේ මියාමි හිදි පැවැත්වුණා. තරගයේ පළමු අර්ධය නිමාවුනේ ගෝල 1 ට 0 ක් ලෙස ආජන්ටිනාව පෙරමුණ ගනිමින්. එම ගෝලය වාර්තා කලේ ලියෝනල් මෙසී විසින්. දෙවැනි අර්ධයේදී කේප්වර්ඩි කණ්ඩායම ගෝල දෙකක් ලබාගත් අතර ආජන්ටිනාව එක් ගෝලයක් වාර්තා කළා. ඒ අනුව නියමිත කාලය අවසන් වුනේ 2 ට 2 ක් ලෙස සම තත්වයේ සිටියදි. අනතුරුව අතිරේක කාලයේදී ආජන්ටිනාව එක් ගෝලයක් ලබාගත්තා. ඒ අනුව ගෝල 3 ට 2 ක් ලෙස තරගය ජයගත් ආජන්ටිනාව සුපිරි 16 වටයට සුදුසුකම් ලැබුවා.

කොලොම්බියාව සහ ගානා අතර තරගය පැවැත්වුනේ අමෙරිකාවේදී. තරගයේ පළමු අර්ධයෙදි කොලොම්බියාව එක් ගෝලයක් වාර්තා කළා. ඒ අනුව එම අර්ධය අවසන් වුනේ ගෝල 1 ට 0 ක් ලෙස කොලොම්බියාව පෙරමුණ ගනිමින්. නියමිත කාලය අවසන් වන තෙක් ගානා කණ්ඩායම කිසිදු ගෝලයක් ලබාගත්තේ නැහැ. ඒ අනුව ගෝල් 1 ට 0 ක් ලෙස තරගය ජයගත් කොලොම්බියාව අවසන් කණ්ඩායම් 16 ට සුදුසුකම් ලැබුවා.

පෙර ලිපිය බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි
Next Article පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ලහිරු උදාරගෙන් ශතකයක්
Sponsored

You Might Also Like

පාපන්දු

ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍යයට එරෙහිව ඓතිහාසික පාපන්දු තරග සමකිරීමක්

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

බොස්නියාව පරදා ස්විට්සර්ලන්තය ගෝල 4-1ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

බෙල්ජියම හා ඊජිප්තුව අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

කටාර් හා ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1යි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?