බදුල්ල ‘ක්‍රීඩා නගරයක්’ ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්; “අඩුපාඩු හදලා බදුල්ලේ ක්‍රීඩාව දියුණු කරන්න පියවර ගන්නවා” – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින්, එය පූර්ණ ක්‍රීඩා නගරයක් ලෙස මෙන්ම නවීන ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික සාකච්ඡා සහ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 07 වනදා බදුල්ලේදී පැවැත්විණි.
බදුල්ල ක්‍රීඩාංගනය පියවරෙන් පියවර (අදියර වශයෙන්) නවීන ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ලබන වසරේ සිට බදුල්ල ප්‍රදේශයේ පාපන්දු (Football) සහ රග්බි (Rugby) ක්‍රීඩාංගන කඩිනමින් දියුණු කිරීම කෙරෙහි ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇත.
තවද, දැනට පවතින කසළ අංගනය ඉවත් කර ගෘහස්ථ ක්‍රීඩා (Indoor Sports) සඳහා භාවිතා කළ හැකි පරිදි සංවර්ධනය කිරීමටත්, බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරඟ පැවැත්වීමට පහසු වන ආකාරයේ මැද තණතීරුවක් (Center Pitch) සකස් කිරීමටත් අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
මෙම සංචාරයේදී ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිස වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය, බදුල්ල පාපන්දු ක්‍රීඩාංගනය, බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය, පැසිපන්දු (Basketball) ක්‍රීඩාංගනය සහ බදුල්ල පිහිනුම් තටාකය යන ස්ථාන විශේෂ නිරීක්ෂණයකට ලක් කළහ.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ පැවසීය:
“බදුල්ල නගරයේ තියෙන ප්‍රධාන ක්‍රීඩාංගනයේ පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීමට අද අපි මෙහි පැමිණියා. මෙහි විශාල අඩුපාඩු ප්‍රමාණයක් පවතින බව අපිට පෙනී ගියා. ඒ අනුව, බදුල්ල නගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු නිලධාරීන් සියලු දෙනා සමඟ එකතු වෙලා, මේ අඩුපාඩු සකස් කරමින් බදුල්ලට හොඳ ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමට අපි සැලසුම් කරනවා. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර කිහිපයක් මේ වසරේදීම ගැනීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.”
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ යන මහත්වරුන් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, නගර සභා නිලධාරීන් මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.