ආසියානු ක්රීඩා උළෙලේ මීටර 100 කාන්තා ධාවන ඉසව්ව සඳහා ශ්රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ පිහිටුවා තිබූ වසර 24ක් පැරණි වාර්තාව අද බිඳ වැටුණා.
ඒ, ජපානයේදී පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙලේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයේදීයි.
17 වියැති චීන ක්රීඩිකා යුජී චෙන් තත්පර 11.06ක දක්ෂතාවක් දක්වමින් මෙම නව තරගාවලි වාර්තාව අද පිහිටවනු ලැබුවා.
ඒ අනුව අද බිඳ වැටුණේ 2002 වසරේදී දකුණු කොරියාවේ බූසාන්හිදී තත්පර 11.15ක දක්ෂතාවක් ප්රදර්ශනය කරමින් ශ්රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ පිහිටුවා තිබූ තරගාවලි වාර්තාවයි.
අද තරගයේ රිදී පදක්කම සිංගප්පූරුවේ ශාන්ති පෙරෙයිරාට හිමි වුණා.