බ්‍රහස්පතින්දා, නොවැ. 12, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ධනංජයගේ හා මෙන්ඩිස්ගේ ශතක සමගින් තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 2 යි
    යාපනයේ මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ සිට යළි ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තය සමග දෙවන එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාව ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    කඩුලු 9ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය සමාරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජාත්‍යන්තර තරගයකදී භාවිත කරන හෙල්ලය ගැන ඔබ දැන සිටියාද?
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
විශේෂාංග ලිපි

ජාත්‍යන්තර තරගයකදී භාවිත කරන හෙල්ලය ගැන ඔබ දැන සිටියාද?

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 26, 2026
©Getty Images
බෙදාගන්න

හෙල්ල විසිකිරීම හෙවත් Javelin Throw ඉසව්ව බැලූ බැල්මට සරල ක්‍රීඩා ඉසව්වක් ලෙස පෙනුණත්, ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී භාවිත කරන හෙල්ලය සඳහා ඉතා නිශ්චිත තාක්ෂණික ප්‍රමිතීන් පවතී.

Contents
  • පිරිමි හෙල්ලයේ බර සහ දිග
  • කාන්තා හෙල්ලයේ බර සහ දිග
  • ක්‍රීඩකයන් තමන්ගේම හෙල්ලය රැගෙන යනවාද?
  • හෙල්ලයක බර සහ දිග පමණක් ප්‍රමාණවත්ද?

World Athletics නීති අනුව ජාත්‍යන්තර සහ World Rankings තරගවල භාවිත කරන හෙල්ල World Athletics විසින් නියම කර ඇති තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර අදාළ තරග සඳහා World Athletics සහතික කළ (Certified) උපකරණ භාවිත කළ යුතුය.

පිරිමි හෙල්ලයේ බර සහ දිග

ජ්‍යෙෂ්ඨ පිරිමි (Men Senior) සහ පිරිමි U20 තරග සඳහා භාවිත කරන හෙල්ලයේ අවම බර ග්‍රෑම් 800 කි.

එහි සම්පූර්ණ දිග මීටර් 2.60 සිට මීටර් 2.70 දක්වා විය යුතුය.

එනම් ජාත්‍යන්තර පිරිමි තරගයකදී අප දකින හෙල්ලයක් සාමාන්‍යයෙන් මිනිසෙකුගේ උසටත් වඩා සැලකිය යුතු ලෙස දිගු, මීටර් 2.6කට වැඩි උපකරණයකි.

කාන්තා හෙල්ලයේ බර සහ දිග

ජ්‍යෙෂ්ඨ කාන්තා සහ U20 කාන්තා තරග සඳහා භාවිත කරන හෙල්ලයේ අවම බර ග්‍රෑම් 600 කි.

එහි සම්පූර්ණ දිග මීටර් 2.20 සිට මීටර් 2.30 අතර විය යුතුය.

වයස් කාණ්ඩ අනුව මෙම බර වෙනස් වේ. U18 පිරිමි තරග සඳහා ග්‍රෑම් 700 හෙල්ලයක් භාවිත කරන අතර U18 කාන්තා තරග සඳහා භාවිත කරන්නේ ග්‍රෑම් 500 හෙල්ලයකි.

ක්‍රීඩකයන් තමන්ගේම හෙල්ලය රැගෙන යනවාද?

මෙය බොහෝ දෙනාට ඇති වැදගත් ප්‍රශ්නයකි.

World Athletics නීති අනුව තරගයකට අවශ්‍ය හෙල්ල ඇතුළු throwing implements සාමාන්‍යයෙන් තරග සංවිධායකයන් විසින් සපයනු ලැබේ.

එහෙත් අදාළ තරගයේ නීති සහ Technical Delegateගේ අනුමැතිය මත ක්‍රීඩකයෙකුට තමන්ගේම පෞද්ගලික හෙල්ලයක් (Personal Javelin) තරගය සඳහා ඉදිරිපත් කිරීමටද අවස්ථාව තිබේ.

නමුත් තමන් කැමති ඕනෑම හෙල්ලයක් ගෙනැවිත් තරගයට භාවිත කළ නොහැක.

එම හෙල්ලය,

  • World Athletics Certified උපකරණයක් විය යුතුය.
  • තරගයට පෙර සංවිධායකයන්ගේ තාක්ෂණික නිලධාරීන් විසින් පරීක්ෂා කර අනුමත කළ යුතුය.
  • අනුමත කිරීමෙන් පසු එය තරගය සඳහා නිල වශයෙන් සලකුණු කරනු ලැබේ.
  • එසේ ඉදිරිපත් කරන පෞද්ගලික හෙල්ලයක් තරගයේදී අනෙකුත් ක්‍රීඩකයන්ටද භාවිත කිරීමට ලබාදිය යුතුය.

Technical Delegate විසින් වෙනත් තීරණයක් ගෙන නොමැති නම්, එක් ක්‍රීඩකයෙකුට එක් throwing event එකක් සඳහා තමන්ගේ උපකරණ දෙකකට වඩා ඉදිරිපත් කළ නොහැක.

ඒ අනුව, ක්‍රීඩකයෙකු තමන් පුහුණුවීම් සඳහා හුරු වූ හෙල්ලයක් ජාත්‍යන්තර තරගයකට රැගෙන ගියද, එය ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික භාවිතයට පමණක් වෙන්කර තබාගත නොහැක. නිල අනුමැතිය ලැබීමෙන් පසු එය තරගයේ අනෙකුත් ක්‍රීඩකයන්ටද භාවිත කළ හැකි උපකරණයක් බවට පත්වේ.

හෙල්ලයක බර සහ දිග පමණක් ප්‍රමාණවත්ද?

නැත.

World Athletics විසින් හෙල්ලයක සම්පූර්ණ දිග සහ බරට අමතරව එහි Centre of Gravity, ලෝහ හිසෙහි දිග, shaft එකේ විෂ්කම්භය, grip එකේ පළල සහ හෙල්ලයේ හැඩය ඇතුළු තවත් තාක්ෂණික මිනුම් රැසක් නියම කර තිබේ.

උදාහරණයක් ලෙස ග්‍රෑම් 800 හෙල්ලයක shaft එකේ වැඩිම ඝනකම ඇති ස්ථානයේ විෂ්කම්භය මිලිමීටර් 25 සිට 30 අතර විය යුතු අතර grip එකේ පළල මිලිමීටර් 150 සිට 160 අතර විය යුතුය.

මේ නිසා ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩකයෙකුගේ දක්ෂතාව පමණක් නොව, ඔහු හෝ ඇය භාවිත කරන හෙල්ලයද දැඩි ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් යටතේ පරීක්ෂාවට ලක් වේ.

හෙල්ල විසිකිරීම යනු ශක්තිය පමණක් නොව — තාක්ෂණය, නිරවද්‍යතාව සහ නිවැරදි උපකරණ එකට එක්වන ජාත්‍යන්තර මට්ටමේ අතිශය තාක්ෂණික ක්‍රීඩා ඉසව්වකි.

පෙර ලිපිය වසර 24ක් පැරණි සුසන්තිකාගේ ආසියානු වාර්තාව බිඳහෙලයි
Next Article රොෂාන් රණතුංග කඩුලු පැනීමේ සිව්වන ස්ථානය ලබාගත්ත ද අවසන් තරගය අහිමි වෙයි
Sponsored

You Might Also Like

විශේෂාංග ලිපි

ශක්තිය, වේගය, සමබරතාව සහ තාක්ෂණය එක්වන මලල ක්‍රීඩා ඉසව්ව

කියවීමට මිනිත්තු 8 යි
විශේෂාංග ලිපි

ක්‍රිකට් වංශ කතාවේ කිසිදා මතකයෙන් නොමැකෙන තරග 10

කියවීමට මිනිත්තු 5 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?