ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු රග්බි ක්‍රීඩකයෙකු වූ දුෂාන් ලෙව්කේ පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා රග්බි සංගමය මේ බව නිල වශයෙන් නිවේදනය කලා.
ලබන මස පැවැත්වෙන නවසීලන්ත කිලෝග්‍රෑම් 85 න් පහළ කණ්ඩායමේ මෙරට සංචාරය සහ ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර රග්බි තරගාවලි ඉලක්ක කරගනිමිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
දුෂාන් ලෙව්කේ මෙවර ලීග් තරගාවලියේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.