ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද පැවැත්වුණා. ඊට සහභාගී වූ කාලිංග කුමාරගේ තරගය අවසන් කලේ 8 වැන්නා ලෙසයි. ඔහුගේ තරග නිමි කාලය සටහන් වුණේ තත්පර 46 යි දශම 3 යි 1 ක් ලෙසයි.
එහි රන් පදක්කම හිමි කර ගත්තේ තායිලන්තයේ ජොෂුවා ඇට්කින්සන්. ඔහු තරගය නිමා කලේ තත්පර තත්පර 44 යි දශම 9 යි 0 ක කාලයක් වාර්තා කරමින්.
රිදී පදක්කම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුලෙයිමාන් අබ්දුල්රහමාන්ට හිමි වුණා.
ලෝඩක පදක්කම හිමි කර ගත්තේ ජපානයේ ජෝෂප් නකජිමා විසින්.
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 කාන්තා ධාවන ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට බහරේන් ක්‍රීඩිකා සල්වා නසේර් සමත් වුණා. ඇය තරගය නිමා කිරීමට ගත කළ කාලය තත්පර 49 යි දශම 2 යි 0 ක්.
එහි රිදී පදක්කම ඉරාන ක්‍රීඩිකා සහරා සරේයි දිනා ගත්තා. ලෝකඩ පදක්කම හිමි වුණේ ඉන්දියානු ක්‍රීඩිකාවකට.