ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලියේ ජැනික් සිනර්ට වහාම ක්‍රියාත්මක වන පරිදි මාස 3 ක තරග තහනමක් පවවා තිබෙනවා.
එ ඔහු තහනම් උත්තේජක භාවිතා කිරීමට සම්බන්ධවෙන් වැරදි කරුවෙකු වීම හේතුවෙන්.
ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය සමග පැමිණි එකගතාවයකට අනුවයි ඔහුට මෙම තහනම පැනවුණේ.
ජැනික සිනර් පසුගිය සෙනසුරාදා ක්‍රීඩා බේරුම් අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දුන් අතර එහිදී ඔහු සදහන් කර තිබෙන්නේ තම භෞත චිකිත්සකවරයා විසින් තහනම් කර තිබූ ඖෂධයක් භාවිතා කළ බවයි.
ඔහු නොදැනුවත්ව හෝ වරදක් සිදු කර ඇති බැවින් ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය ජැනික් සිනර්ට මාස 3 ක තරග තහනමක් පනවනු ලැබුවා.
ඒ අනුව පසුගිය පෙබරවාරි 9 වැනිදා සිට ලබන මැයි 4 වැනිදා දක්වා අදාල තහනම ක්‍රියාත්මකයි.
ලබන මැයි 19 වැනිදා ආරම්භ වන ප්‍රංශ විවෘත ෙ ටනිස් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇති.