පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට රුමේශ් තරංග සමත් වුණා.
ඒ තම දෙවැනි උත්සාහයේදී මීටර 89. 75 ක් දක්ශතාවයක් දක්වමින්.
පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් හිමිකර ගත්තේ වසර විස්සකට පසුව වීම විශේෂත්වයක්.
මේ අතර ශ්‍රී ලංකාව පිටියේ මළල ක්‍රීඩා ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක හිමි කරගත් පළමු රන් පදක්කම ද මෙයයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව හිමි කරගත් පස්වැනි රන් පදක්කම ලෙසයි මෙය ඉතිහාසයට එක් වුණේ.
මේ වන විට ලොව අංක දෙකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංග මේ දක්වා මේ වසර තුළ මෙම ඉසව්වේ හොඳම දක්ෂතාවයේද හිමිකරුවායි.