2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව හා තිබෙන තරගය ක්‍රීඩා නොකිරීමට පාකිස්තානය පසුගියදා තීරණය කළ අතර ඊයේ දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසු නැවතත් එම තීරණය වෙනස් කොට එම තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළා.
පාකිස්තාන ක්‍රිකට් ආයතනයත්, අන්තාර්ජාතික ක්‍රිකට් කවුන්සිලයත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් ඊයේ දින පැවති විශේෂ සාකච්ඡාවට සහභාගී වුණා. එම සාකච්ඡාවෙන් පසුව දින 10ක් පුරා ඇදී ගිය මෙම ගැටළුව නිරාණය කරමින් ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් පාකිස්තාන ඉන්දියා තරගය එළඹෙන 15 වනදා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට තීරණය කළා.
මෙම තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන රජය ගත් තීරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තවත් බොහෝ අයි.සී.සී සාමජිකයන් කළ ඉල්ලීම් සහ විශේෂයෙන්ම පාකිස්තාන අගමැති ශෙබාස් ශරීෆ් හා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති විශේෂ සාකච්චාව ඉවහල් වූ බව මාධ්‍යය වාර්තා කළා.
පාකිස්තාන රජය ප්‍රකාශ කළේ ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීමටත්, මේ ගෝලිය ක්‍රීඩා ඉසව්වේ අඛණ්ඩතාවය රැක ගැනීමටත් මේ තීරණය ගත් බවයි.