ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද පැවැති තරගය ලකුනු 51 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය අද පැවැත්වුණේ පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව එංගලන්ත ඉනිම ආරම්භ කලේ පිල් සෝල්ට් සහ ජොෂ් බට්ලර්. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 16 ක සබධතාවයක් ගොඩ නැගුවා.
පළමු කඩුල්ල ලෙස ලකුණු 7 ක් රැස් කළ ජොෂ් බට්ලර් දැවී ගියේ දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේයි. ජකෝබ් බෙතෙල් ලකුණු 3 කට දැවී ගියා. ලකුණු 6 ක් ලබා සිටි ටිම් බැන්ටන් දැවී ගියේ එංගලන්ත ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස.
නායක හැරී බෲක් ලකුණු 14 යි. සෑම් කරන් 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 11 ක් ලබා සිටියදී.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පිල් සෝල්ට් ලකුණු 62 ක් ලබා සිටියදී දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා. විල් ජැක්ස් ලකුණු 21 ක් ලබා ගත්තා.
එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා.
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත්තා. දිල්ශාන් මදුශංක සහ මහීෂ් තීක්ෂන අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. දුශ්මන්ත චමීර කඩුලු එකයි.
තරගය ජය ගැනීම සදහා ලකුණු 147 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ කමිල් මිශාර. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 15 ක් වන විට පැතුම් නිස්සංක පලමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 9 ක් ලබා සිටියදී.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 20 ක් තුල දැවී ගියා.
කමිල් මිෂාර ලකුණු 6 ක් රැස් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 10 යි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඪකයින් පන්දු වාර 16 යි පන්දු 4 කදී ලකුණු 95 නට දැවී ගියා.
වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක ලකුණු 30 යි.
පන්දු යැවීමේදී විල් ජැක්ස් කඩුලු 3 ක් දවා ගත්තා.