ශ්‍රී ලංකාව පුරා සිටින සෑම මට්ටමකම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩාවේ නීති තම මව් භාෂාවෙන් කියවීමට අවස්ථාව සලසා දෙමින්, මේරිලිබෝන් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව MCC ක්‍රිකට් නීති සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කර තිබෙනවා .
මෙම වැඩපිළිවෙළ මඟින් විනිසුරුවන්ට, තරග නිලධාරීන්ට, මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට ක්‍රීඩාවේ නීති පිළිබඳ සිය අවබෝධය තවදුරටත් ගැඹුරින් දැන ගැනීමට උපකාරී වනු ඇති බවයි සඳහන් වන්නේ .
MCC ක්‍රිකට් නීති සිංහල සහ දෙමළ භාෂාවලින් ලබා ගැනීමට හැකි වන පරිදි සකස් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පරිවර්තන ව්‍යාපෘතිය ආරම්භ වී තිබෙනවා .
පළාත් නවය පුරා සිටින විනිසුරුවන්ට භාෂා දෙකෙන්ම ඉගැන්වීම, විභාග පැවැත්වීම සහ මඟ පෙන්වීම සඳහා SLC විනිසුරු අධ්‍යාපනඥයින් මෙම පරිවර්තන භාවිත කරනු ඇති අතර, ඒ හරහා දිවයින පුරා වැඩි පිරිසකට—විශේෂයෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට—විනිසුරු ක්ෂේත්රයට පිවිසීමේ මං විවර වෙනවා .
1787 දී ආරම්භ වූ දා සිට ක්‍රිකට් නීතිවල භාරකරු ලෙස කටයුතු කරන MCC හි අනුමැතිය ඇතිව මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කර ඇති බව සඳහන් .
නීති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, සමාලෝචනය කිරීම සහ කෙටුම්පත් කිරීම MCC හි නීති අනුකමිටුව මඟින් සිදු කෙරෙන අතර, සිදු කරන වෙනස්කම් MCC හි ප්‍රධාන කමිටුවේ අනුමැතියට යටත් වෙනවා