ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අද ගිලිහී ගියා.
ඒ සුපිරි 8 වටය යටතේ සහභාගී වූ දෙවැනි තරගයෙන් නවසීළන්ත කණ්ඩායම හමුවේ ලකුණු 61 කින් පරාජය වීමත් සමගයි.
තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නා.
ඔවුන්ගේ ඉනිම ආරම්භ කලේ ටිම් සීෆර්ට් සහ ෆින් ඇලන්.
ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 30 ක් වන විට ඇලන් ලකුණු 23 කට දැවී ගියේ මහීෂ් තීක්ෂණ ගේ පන්දුවක් හමුවේයි.
දෙවැනි කඩුල්ල ලෙස ටිම් සීෆර්ට් ලකුණු 8 කට දැවී ගියා. එම කඩුල්ල දවා ගත්තේ දුශ්මන්ත චමීර.
නවසීලන්ත ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස ග්ලෙන් ෆිලිප්ස් දැවී ගියේ ලකුණු 18 ක් ලබා සිටියදී.
රචීන් රවීන්ද්‍ර ලකුණු 32 කට දැවී ගිය අතර මාර්ක් චැප්මන් ලකුණු නොළඹා දැවී ගියා.
එම කඩුලු 2 ම දවා ගත්තේ මහීෂ් තීක්ෂණ විසින්. ඩැරල් මිචෙල් ලකුණු 3 යි.
නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් රැස් කළා.
වැඩිම ලකුණු ලාභියාවූ නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 47 යි. කෝල් මැකන්චි නොදැවී ලකුණු 31 යි.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂන සහ දුෂ්මන්ත චමීර කඩුලු 3 බැගින් දවා ගත්තා.
තරගය ජය ගැනීම සදහා ලකුණු 169 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.
ඉනිමේ පළමු පන්දුවේදීම පැතුම් ලකුණු නොළඹා දැවී ගියා. චරිත් අසලංක ලකුණු 5 යි.
තුන්වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 11 කට දැවී ගිය අතර පවන් රත්නායක ලකුණු 10 යි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කමිදු මෙන්ඩිස් ලකුණු 31 ක් රැස් කළා.
දුනිත් වෙල්ලාලගේ ලකුණු 29 යි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 107 ක් රැස් කළා.
පන්දු යැවීමේදී රචීන් රවින්ද්‍ර ලකුණු 27 කට කඩුලු 4 යි.