ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ ලීඩ්ස් හීදී පැවැත්වුණා. එම තරගය ලකුණු 16කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 321ක් ලබාගැනීමට සමත් වුණා.
එහිදී සිය හත් වන එක්දින ශතකය වාර්තා කළ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 121ක් ලබාගත්තා. කුසල්ට සහය වෙමින් කමිදු මෙන්ඩිස් ලකුණු 54ක් ලබාගත් අතර පවන් රත්නායක ලකුණු 48ක් හා ජනිත් ලියනගේ ලකුණු 32ක් ලබාගත්තා.
එංගලන්තය වෙනුවෙන් අස් ඇට්කින්සන් හා එහාන් අහ්මඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ආරම්භ කළ බෙන් ඩකට් හා ටොම් බැන්ටන් ආරම්භ කඩුල්ල වෙනුවෙන් පන්දු 119ට ලකුණු 143ක සබදතාවයක් ගොඩනැගූ අතර ඩකට් ලකුණු 67ක් හා බැන්ටන් ලකුණු 71ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කරවමින් දුනිත් වෙල්ලාලගේ ලකුණු 49ට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.
එෂාන් මාලිංග හා දිල්ශාන් මධුසංඛ කඩුලු 2 බැගින් දවාගත් අතර සචිදු කොළඹගේ හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවාගත්තා.
එංගලන්තය පිලිතුරු ඉනිමේ පළමු පන්දු වාර 10 අවසානයේ කඩුලු නොමැතිව ලකුණු 82ක් ලබාගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ පළමු පන්දු වාර 10 ඇතුළත එංගලන්තය ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූව ද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසාන පන්දු වාර 10 තුළදී කඩුලු 5ක් දවාගෙන ලබා දී තිබුණේ ලකුණු 46ක් පමණයි.
ඒ අනුව ලකුණු 16කින් මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 1-1ක් ලෙස සම කරගැනීමට සමත් වුණා.