ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විභව් සූරියවංශි ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම් අතර තරග ඉතිහාසයේ වාර්තා කළ වේගවත්ම ශතක සහ ද්විත්ව ශතකයේ වාර්තා තමන් සතු කර ගැනීමට අද සමත් වුණා. ඒ, කටාර් හිදී පැවැත්වෙන නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයේදී.
ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය අද පැවැත්වුණේ කටාර් රාජ්‍යයේ දෝහා හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 249 ක් රැස් කළා. හර්ප්‍රීත් සිංග් ලකුණු 130 යි.
පන්දු යැවීමේදී ආර්ශාද් ඛාන් කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම මෙම තරගය පහසුවෙන් ජය ගත්තේ, පන්දුවාර 14 යි පන්දු 2 කදී කඩුලු 3 ක්දැවී ලකුණු 254 ක් රැස් කරමින්. මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විභව් සූර්යවංශි පන්දු 53 කදී ලකුණු 204 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 6 පහර 28 ක් සහ 4 පහර 7 ක් ඇතුළත්. ඔහු තම ශතකය පන්දු 28 කදී වාර්තා කළ අතර ද්විත්ව ශතකය පන්දු 52 කදී වාර්තා කිරීම විශේෂත්වයක්.