නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන නේෂන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව 6වන ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ, නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කරමින්.
තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වනවා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 17යි, පන්දු 4කදී සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 57ක් පමණයි.
නායිකා ස්ටේර් කලීස් ලකුණු 26යි. පන්දු යැවීමේදී නිමාෂා මීපගේ සහ කවීෂා දිල්හාරි අතර කඩුලු 02 බැගින් බෙදී ගියා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය පහසුවෙන් ජය ගත්තේ, පන්දුවාර 7යි, පන්දු 2කදී කඩුල්ලක් දැවී ලකුණු 58ක් රැස් කරමින්.
විෂ්මි ගුණරත්න නොදැවී ලකුණු 29ක් සහ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 21ක් රැස් කළා.
මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට පාකිස්තානය සමග පැවැත්වෙනවා.