අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් මහ නුවර කණ්ඩායම ජය ගනී

December 4, 2023 - Sudarsha Warnakulasooriya

  • Popular
  • Recent
  • Rugby
  • Sinhala
  • Trending

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් මහ නුවර කණ්ඩායම ජය ගත්තා.

තරගය පැවැත්වුණේ දින මහනුවර නිත්තවෙල ක්‍ර්‍රීඩාංගණයේදී.

තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගත්තේ මහනුවර කණ්ඩායමයි.

ඔවුන් පළමු අර්ධයේදී ලකුණු 17 ක් රැස් කළා.

නමුත් ප්‍රතිවාදී සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම එම අර්ධයේදී වර්තා කලයේ ලකුණු 3 පමණයි.

දෙවන අර්ධයේ එක් උත්සාහක දිනුමක් සමගින් තම ලකුණු තත්වය 22 දක්වා ඉහළ නැන්වීමට මහනුවර කණ්ඩායම සමත් වුණා.

එම අර්ධයේදී උත්සාහක දිනුමක් හා එහි ප්‍රවර්තනය මෙන්ම දඬුවම් පහරක්ද සාර්ථක කරගත් සී එච් කණ්ඩායම තරගය අවසන් කලේ ලකුණු 13 ක් වාර්තා කරමින්.

ඒ අනුව තරගයේ ජය මහ නුවර කණ්ඩායම සතු වුණා.

මහනුවර කණ්ඩායම ලකුණු රැස් කළේය උත්සාහක දිනුම් 3ක් සහ ගෝල දිනුමකින්.