ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවෙයි..!!

September 24, 2023 - Sudarsha Warnakulasooriya

  • Recent
  • Rugby
  • Sinhala
  • Trending

2023 ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආසියානු ඔලිම්පික් කවුන්සලයේ නාමය යටතේ තරඟ වදින ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා අහිමිව ගියා.

ඒ අද පැවති තරග වලින් චීන තායිපේ සහ දකුණු කොරියානු කණ්ඩායම් හමුවේ ලත් පරාජය සමගිනි.

චීන තායිපේ හමුවේ ලකුණු 22-7 ක් ලෙසත් , දකුණු කොරියාව හමුවේ ද ලකුණු 22-7 ක් ලෙසත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජයට පත් වුණා .

තරඟාවලියේ 9 වන ස්ථානයේ සිට 12 වන ස්ථානය දක්වා වර්ගීකරණය වෙනුවෙන් මෙරට ක්‍රීඩකයින් හෙට (25) ඇෆ්ගනිස්තානය සහ පිලිපීනය සමගත් අනිද්දා (26) තායිලන්තය සමගත් තරඟ වැදීමට නියමිතයි .