ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව කටාර් රාජ්‍ය කණ්ඩායමට..!!

February 11, 2024 - Sudarsha Warnakulasooriya

  • Football
  • Popular
  • Sinhala
  • Trending

‍ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට, කටාර් රාජ්‍ය කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් තරගයේදී ‍ ජෝර්දානය පරාජය කරමින්.

‍කටාර්හි ලුසායිල් ක්‍රීඩාංගණයේදී අවසන් තරගය පැවැත්වුණා.

පළමු අර්ධයේම සිටිම වැඩි දක්ෂතා දැක්වූයේ කටාර් කණ්ඩායමයි.

තරගයේ 22 වැනි මිනිත්තුවේදී කටාර් ක්‍රීඩක අක්‍රම් අෆීෆ් තරගයේ පළමු ගෝලය ලබාගත්තා.

ඒ අනුව කටාර් කණ්ඩායම පළමු අර්ධය නිමා වනවිට පෙරමුණ ගත්තේ, ගෝල 1-0 ක් ලෙසයි.

දෙවැනි අර්ධයේදී සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට ජෝර්දානය සමත් වුණා.

67 වැනි මිනිත්තුවේදී අල් – නයිමාත් එම ගෝලය ලබාගත්තා.

අනතුරුව තියුණු තරගයක් ලබාදුන් කටාර් කණ්ඩායම, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දෙකක් වාර්තා කළා.

එම ගෝල වාර්තා කළේ අක්‍රම් අෆීෆ්‍ ක්‍රීඩකයායි. ඒ අනුව කටාර් කණ්ඩායම තරගය ජයගත්තේ ගෝල 3-1 ක් ලෙසයි.