ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (22) පැවති තරගය ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වෙයි..!!

April 23, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත් වුණේ, ජායිපූර් හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 179 ක් රැස් කළා.

තිලක් වර්මා, ලකුණු 65 ක් රැස් කළ අතර, නෙහාල් වදේරා ලකුණු 49 යි. පන්දු යැවීමේදී සන්දීප් ශර්මා කඩුලු 5 ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය පහසුවෙන් ජය ගත්තේ, පන්දුවාර 18 යි පන්දු 4 කදී කඩුල්ලක් දැවී ලකුණු 183 ක් රැස් කරමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ යශස්වි ජයිස්වාල් පන්දු 60 කදී නොදැවී ලකුණු 104 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 9 ක් සහ 6 පහර 7 ක් ඇතුළත්.

තරගාවලියේ තරග 38 ක් අවසන් වන විට ලකුණු සටහනට අනුව, පෙරමුණේ පසුවන්නේ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. ඔවුන් තරග 8 ක් ක්‍රීඩා කර ඉන් තරග 7 ක් ‍ජය ගෙන ලකුණු 14 ක් රැස් කර ගෙන සිටිනවා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය කොල්කටාර් නයිට් රයිඩර්ස් කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමටත් හිමියි.