කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමග වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 133 කින් ජය ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්වෙයි..!!

April 22, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමග පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 133 කින් ජය ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් වුණා.

තරගය ඊයේ පැවැත් වුණේ, කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී.

තරගය මෙවර සංවිධාන කර තිබුණේ, 18 වැනි වරට.

පළමුවෙන් පන්දුවට පහර දුන් මහානාම විද්‍යාලය, පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 305 ක් රැස් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රශ්මික පෙරේරා ලකුණු 111 යි. කවිදු අමමෙත් ලකුණු 42 ක් රැස් කළා. පන්දු යැවීමේදී ඩිලාෂ් කුමාරනායක කඩුලු 3 යි.

පිළිතුරු ලෙස ඩී එස් සේනානායක විද්‍යාලයට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 172 ක් පමණයි.

ශනාල් බිනුෂ්ක, ලකුණු 61 යි. පන්දු යැවීමේදී ඉනුක කරන්නා‍ගොඩ කඩුලු 4 ක් බිඳ හෙලුවා.