චමරි අතපත්තු නැවතත් එක්දින කාන්තා පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි අංක 01 ට..!!

April 23, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලොව එක් දින කාන්තා පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම අනුව යළි පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.

චමරි අතපත්තු මීට පෙරද මෙම ශ්‍රේණිගත කිරීම් පළමු ස්ථානයේ පසු වුණා.

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක් දින තරගාවලියට පෙර ඇය, එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබුණා.

දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වැනි එක් දින ක්‍රිකට් තරගයේදී චමරි අතපත්තු රැස් කළ ලකුණු සංඛ්‍යාව 195 ක්.

ඇය, තම එක් දින ක්‍රිකට් දිවියේ ලබාගත් 9 වැනි ශතකයද මෙයයි. එම, දක්ෂතාවත් සමග චමරි නැවතත් ලේඛනයේ පෙරමුණට පැමිණියේ ලකුණු 773 ක් හිමි කර ගනිමින්.

ඇය මේ වන විට එක් දින ජාත්‍යන්තර තරග 101 ක් සඳහා ශ්‍රීලංකාව නියෝජනය කර තිබෙනවා. චමරි අතපත්තු මෙතක් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 3513 ක්.