පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ (21) පැවති තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 3 ක ජයක්..!!

April 22, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත්වුණේ, මුලන්පූර් හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 142 ක් රැස් කළා.

ප්‍රබ් සිම්රාන් සිං ලකුණු 35 යි.

පන්දු යැවීමේදී සායි කිෂෝර් කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 19 යි පන්දුවක් ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 143 ක් රැස් කරමින්.