පකිස්තාන කණ්ඩායම සමග පැවති තුන්වැනි 20-20 තරගය, කඩුලු 7කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වෙයි..!!

April 22, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

පකිස්තාන කණ්ඩායම සමග පැවති තුන්වැනි 20-20 තරගය, කඩුලු 7කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

තරගය ඊයේ පැවැත්වුණේ, රාවල්පිණ්ඩිහිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා. ශඩාබ් ඛාන් ලකුණු 41 යි.

පන්දු යැවීමේදී ඉෂ් සෝදි කඩුලු 2 ක් බිඳ හෙලුවා.

පිළිතුරු ලෙස නවසීලන්තය, තරගය ජය ගත්තේ, පන්දුවාර 18 යි පන්දු දෙකක් ඇතුළත කඩුලු 3 ක් දැවී ලකුණු 179 ක් රැස් කරමින්.

මාර්ක් චෑප්මන් නොදැවී ලකුණු 87 යි. පන්දු 42 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 9 ක් සහ 6 පහර 4 ක් ඇතුළත්.