ලෝක කුසලාන 20/20 සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමත්වෙයි..!!

April 28, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ලෝක කුසලාන 20/20 සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමත් වුණා.

ඒ ස්කොට්ලන්තය කඩුලු දහයකින් පරාජය කරමින්..

අබුඩාබි හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දු වාර 18 යි පන්දු එකකදී සියලු ක්‍රිඩිකාවන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 94 ක්.

කවීශා දිල්හාරි කඩුලු 4 ක් සහ ඉනෝශි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරඟය පහසුවෙන් ජය ගත්තේ පන්දුවාර10 යි පන්දුවකදී කිසිවෙකු නොදැවී ලකුණු 95 ක් රැස් කරමින්.

චමරි අතපත්තු නොදැවී ලකුණු 59 සහ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු විසි හතරක් රැස්කළා.