වයස අවුරුදු 20 න් පහළ කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් 02 ක්..!!

April 28, 2024 - Sudarsha Warnakulasooriya

  • Athletics
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ඩුබායි හිදී පැවැති වයස අවුරුදු 20 න් පහළ කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් ලෝකඩ පදක්කම් 2 ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.

ඒ මීටර් 400 හතර කාන්තා හා පිරිමි සහය දිවීමේ ඉසව් වලින්.

කාන්තා කණ්ඩායම තරගය නිමා කලේ මිනිත්තු 3 යි තත්පර 46 යි දශම 2.0 කාලයක් වාර්තා කරමින්.

මලියදේව බාලිකා විදයාලයේ ප්‍රවින්දි දුනුසිංහ, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ ජිත්මා විජේතුංග, ගම්පහ සිරිකුරුස විදයාලයේ චාරුනී ප්‍රමුදිකා සහ මාතර මධ්‍ය මහා විදයාලයේ නුහන්සා කොඩිතුවක්කු යන ක්‍රීඩිකාවන් මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කලා.

මීටර 400 හතර පිරිමි කණ්ඩායම ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ මිනිත්තු 3 යි තත්පර 9 යි දශම 4.8 කින් තරගය නිමා කරමින්.

කුරුණෑගල මලියදේව විදයාලයේ අවිශ්ක රාජපක්ෂ, ශාන්ත සෙබෙස්තියන් විදයාලයේ ශශින්ත සිල්වා, ලුම්බිණි විදයාලයේ හසින්දු නෙත්සර සහ ගාල්ල මහින්ද විදයාලයේ ජිත්‍ය කිරුලු ශ්‍ර්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලා.